Watch : ලෝක කුසලානයේ පළමු හයේ පහරම කාර් එකක් කුඩු පට්ටම් කරයි

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය අද සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන් පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගය අතරතුරදී නෙදර්ලන්ත ආරම්භක පිතිකරු Michael Levitt එල්ල කළ දැවැන්ත හයේ පහරක් ක්‍රීඩාංගනයෙන් පිටතට ඇදී ගොස් ක්‍රීඩාංගනය අසල නවතා තිබූ මෝටර් රථයක වැදීම විශේෂත්වයක්.

එම හයේ පහරේ දර්ශන හා පන්දුව වැදුණු මෝටර් රථයේ දර්ශන කිහිපයක් පහතින් –

Comments (0)
Add Comment