Watch : ලබුෂේන් යළිත් අළුබදුන පිටියම හොල්ලයි… පිට පිට දෙවැනි දිනටත් ඇල්ලූ අදහා ගන්න බැරි උඩ පන්දුව මෙන්න

අළුබදුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 82 ක ජයක් වාර්තා කරමින් යළිත් වරක් අළුබදුන ශූරතාවය තමන් සන්තකයේම රදවා ගැනීමට (3-0) ඔස්ට්‍රේලියාව අද(21) සමත් වුණා.

ඇඩිලේඩ්හීදී පැවැති තෙවැනි තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 435 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටි අතර, ඔවුන් අද සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 352 ක් පමණයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලකුණු 371 ක් රැස් කළ අතර, එංගලන්තය ලබා ගත්තේ ලකුණු 286 ක් පමණයි. ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 349 කට සීමා වුණා.

මේ අතර, ඊයේ දිනයේදී තනි අතින් ස්ලිප් කලාපයේ සිට අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත් මර්නස් ලබුෂේන් අද දිනයේදී ද එවැනිම විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –

top
Comments (0)
Add Comment