ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 61 වැනි තරගයේදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ආබාධයකට ලක් වුණා.
පිතිකරණයේ නිරතව සිටියදී ඔහු පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.
ඒ වන විට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පිතිකරණයේ නිරතව සිටි කමිදු පන්දු 21 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 32 ක්.
හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වූ අතර, එම හතරේ පහර තුනම පිට පිට පන්දු තුනකදී එල්ල කිරීම ද කැපී පෙනුණා.
ලක්නව්හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 205 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.
ඒ අනුව ලක්නව් කණ්ඩායමට ද තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැරීමට මෙම තරග ප්‍රතිපලයත් සමග සිදු වුණා.
මේ වන විට ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා ඇති අතර, අවසන් වටයට සුදුසුකම් ලැබීම සදහා අවස්ථාවක් ඉතිරිව ඇත්තේ දිල්ලි කැපිටල්ස් හෝ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් දෙකෙන් එකකට පමණයි.
මේ අතර, මෙම තරගයේදී Digvesh Rathi විසින් Abhishek Sharma දවා ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව ද බොහෝ දෙනෙකුගේ අවධානයක් දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා. (දර්ශන පහතින්)
කමිදු මෙන්ඩිස්ගේ ඉනිම හා මුහුණ දුන් ආබාධය ඇතුළත් දර්ශන පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) May 19, 2025
— cric sl (@cricslvideo) May 19, 2025
This mf is so irritating, Abhishek did the right thing tbh. Aur jis hisaab se ye bdska sabse fight pick kar raha hai ghar girwi rakh jayega ipl khatam hone tak. pic.twitter.com/TobJgN194l
— Aᴍᴀɴ (@_AP_04) May 19, 2025
Digvesh Rathi is an entertainer but he did cross the line with his celebrations after dismissing Abhishek Sharma. That “get out” hand movement was insulting and provoking.
Abhishek’s anger is justified. #LSGvsSRH pic.twitter.com/2sdklAn86O
— Madhav Sharma (@HashTagCricket) May 19, 2025