IPL තරගාවලියේ 61 වැනි තරගයේදී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග අද(19) සමත් වුණා.
මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.
ලක්නව් නායක රිෂාබ් පාන්ට් ලකුණු 7කට දවා ගැනීම සදහා ඒෂාන් විසින් එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ ඔහු විසින්ම යොමු කළ පන්දුවක් හමුවේයි.
මෙම තරගයේදී ඒෂාන් පන්දුවාර 4 තුළ ලකුණු 28 කට බිද හෙලූ කඩුලු ගණන 2 ක්. (රැක ගත් උඩ පන්දුවේ දර්ශන පහතින්)
රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 27 ක වාර්තාගත මිලකට මෙවර තරගාවලිය වෙනුවෙන් ලක්නව් පිල මිලදී ගත් නමුත්, තරගාවලිය පුරා ඔහු තරග 12 කදී ලබා ගෙන ඇත්තේ ලකුණු 135 ක් පමණයි. පිතිකරණ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 12.27 ක් ලෙසයි.
අද තරගයේදී ඔහුගේ දැවී යාමෙන් පසුව ලක්නව් කණ්ඩායමේ හිමිකරු Sanjiv Goenka ඊට දැක් වූ ප්‍රතිචාරය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන ඇති බවක් ද දක්නට ලැබෙනවා. (දර්ශන පහතින්)
Magnificent Malinga! 🪽😮
Athleticism on display from Eshan Malinga as he grabs a stunner to send back Rishabh Pant! 👌#LSG 133/2 after 13 overs.
Updates ▶ https://t.co/GNnZh90u7T#TATAIPL | #LSGvSRH | @SunRisers pic.twitter.com/5rSouA8Kw0
— IndianPremierLeague (@IPL) May 19, 2025
Rishabh Pant taking revenge of KL Rahul from Sanjiv Goenka 🤣 #RishabhPant #LSGvSRH #SanjivGoenka pic.twitter.com/qTFLbk1ysm
— Kevin (कैवीन) 𝕏 (@kevinshah1307) May 19, 2025