බංග්ලාදේශය සමග හයිදරාබාද්හී දී අද(12) රාත්‍රියේ ආරම්භ වූ තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් සිය මංගල විස්සයි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට ඉන්දීය ආරම්භක පිතිකරු සංජු සැම්සන් සමත් වුණා.
ඔහු පන්දු 47 කින් ලකුණු 111 ක් ලබා ගත්තේ හයේ පහර 8 ක් හා හතරේ පහර 11 ක් සමගින්.
ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී සංජු සැම්සන් පිට පිට හයේ පහර 5 ක් එල්ල කිරීමට සමත් වීම කැපී පෙනුණා.
රිෂාද් හොසේන් යොමු කළ එම පන්දුවාරයේ අවසන් පන්දු පහටයි සංජු සැම්සන් මෙලෙස හයේ පහර පහක් එල්ල කළේ.
දර්ශන පහතින් –