Watch : රාහුල්ට තරු විසි වූ හාමර්ගේ සුපිරි දග පන්දුව

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ගුවහාටිහීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද සියලු බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට උරුම කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 549 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 27 ක්. ඒ අනුව ඔවුන් ජයග්‍රහනයට තවත් ලකුණු 522 ක් පිටුපසින් පසුවනවා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු කිසිවක් නොදැවී ලකුණු 26 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

ඒ, දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 489 ට පිළිතුරු ලෙස ඉන්දීය පළමු ඉනිම ලකුණු 201 කට සීමා වූ පසුබිමකයි.

මේ අතර, අද දිනයේදී ඉන්දීය දෙවැනි ඉනිමේදී කේ එල් රාහුල් දවා ගැනීම සදහා අති විශිෂ්ඨ පන්දුවක් යොමු කිරීමට සයිමන් හාමර් සමත් වුණා.

දර්ශන පහතින් නරඹන්න –

top
Comments (0)
Add Comment