බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර මීර්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(23)
දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියා. ඒ, පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලබා ගත් ලකුණු 106 ට පිළිතුරු ලෙස දකුණූ අප්‍රිකාව රැස් කළ ලකුණු 308 ට ප්‍රතිචාර ලෙසයි.
ඒ අනුව දෙවැනි ඉනිමේ දී ලකුණු 101 ක් පිටුපසින් සිටිමින් අද දිනය ආරම්භ කළ බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස මහ්මුදුල් හාසන් ජෝයි ලකුණු 40කට දැවී ගියා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 33 කට දවා ගැනීමට මෙම ඉනිමේ දී ද සමත් වුණේ කාගිසෝ රබාඩා විසිනුයි.
පළමු ඉනිමේ දී රබාඩාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී මැද ඉන්න හා පිට ඉන්න අහිමි වූ රහීම්ට මෙම ඉනිමේ දී සිය මැද ඉන්න ගැලවී යාම හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.
— cric sl (@cricslvideo) October 23, 2024