සිය මංගල එක්දින ජාත්‍යන්තර කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ශිරාස් අද(19) සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද දහවල් ආරම්භ වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී යි.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටිම් රොබින්සන් ලකුණු 9කට දැවී ගියේ ශිරාස් යොමු කළ පන්දුවක් හමුවේ චරිත් අසලංක රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි. මෙය මොහමඩ් ශිරාස් ක්‍රීඩා කරන දෙවැනි එක්දින තරගයයි.
— cric sl (@cricslvideo) November 19, 2024