Watch : මැතිව්ස්ට බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් හා විනිසුරුවරුන්ගෙන් ලද උණුසුම් පිළිගැනීම

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(19).

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 495 ක්.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 54 කට දැවී යාමෙන් පසුව සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් පිටියට පිවිසියා.

එම අවස්ථාවේදී බංග්ලාදේශ ක්‍රීඩකයින් මෙන්ම විනිසුරුවරුන් ද ඔහුට උණුසුම් පිළිගැනීමක් ලබා දීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment