එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් විසින් පැයට කිලෝ මීටර් 156.2 ක (පැයට සැතපුම් 97.1) වේගයෙන් පන්දුවක් යොමු කිරීමට අද(19) සමත් වුණා.
ඒ, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර නොටින්හැම්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.
කොදෙව් පළමු ඉනිමේ 14 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවයි ඔහු Mikyle Louis ට එරෙහිව පැයට කිලෝ මීටර් 156.2 ක වේගයෙන් යොමු කළේ. (දර්ශන පහතින්)
ඔහු මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරයේ පන්දු හයේ වේගය සටහන් වූයේ පිළිවෙලින් 151.1, 154.6, 153.2, 148.3, 155.3, 153.2 ක් ලෙසයි.
එම පන්දුවාරය වාර්තා අතරට එක් වුණේ එංගලන්ත පන්දු යවන්නෙකු සිය රටේදී යොමු කළ වේගවත්ම පන්දුවාරය ලෙසයි. (පන්දුවල වේගය පිළිබද දත්ත සටහන් කිරීම ආරම්භ කිරීමෙන් පසු)
Your chances of facing a 97.1mph Mark Wood bouncer straight at your head are low, but never zero… pic.twitter.com/sQN7TtB4rv
— England Cricket (@englandcricket) July 19, 2024