බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කොදෙව් පළමු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස Kirk McKenzie දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් අද(26) සමත් වුණා.
බර්මිංහැම්හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
මාර්ක් වුඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් Kirk McKenzie දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12 ක්.
දර්ශන පහතින් –
Why look for the outside edge…
When you can take middle stump out the ground! 🔥 pic.twitter.com/ojiqBtWgXF
— England Cricket (@englandcricket) July 26, 2024