Watch : මාක්‍රම්ගේ කණු ගලවමින් ලහිරු කුමාර 100 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත් හැටි

තම 100 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අද(5) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමග අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දකුණු අප්‍රිකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඒඩ්න් මාක්‍රම් දවා ගනිමින් ලහිරු සිය 100 වැනි ටෙස්ට් කඩුල්ල බිද හෙලුවා.

ලහිරුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් මාක්‍රම් දැවී යන විට ලබා සිටියේ ලකුණු 20 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් 9 වැනි පන්දු යවන්නා වන්නේ ලහිරු කුමාරයි. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 ක් බිද හෙලූ 5 වැනි වේග පන්දු යවන්නා ලෙස ද ලහිරු කුමාර ඉතිහාසයට එක් වුණා.

Comments (0)
Add Comment