ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේදී වූ අපූර්ව සිදුවීමක් ජාත්‍යන්තර විස්තර විචාරක නසාර් හුසේන් විසින් හාස්‍යජනක පෙර අත්දැකීමක් සමග ඉදිරිපත් කළ වීඩියෝවක් Sky Sports මාධ්‍යජාලය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
එම වීඩියෝවේ පළමුව ඇතුළත්ව ඇත්තේ ඊයේ දිනයේදී දිනේෂ් කාර්තික්ට විස්තර විචාරය අතරතුර සිය මයික්‍රෝෆෝනය අමතක වී සංවාදයේ නිරතවීමට ගත් උත්සාහයක්.
කෙසේ වෙතත්, එම වීඩියෝවේ දෙවනුවට ඇතුළත්ව ඇත්තේ ඊටත් වඩා හාස්‍යජනක සිදුවීමකට අදාළ පැරැණි සිදුවීමක්.
එනම් Michael Atherton ට විස්තර විචාරයේ නිරතවන අතරතුර අමතක වී මයික්‍රෝෆෝනය වෙනුවට තමා පානය කරමින් සිටි කෝපි කෝප්පය යොදා ගනිමින් විස්තර විචාරයේ නිරතවීමට ගත් උත්සාහයකුයි.
Don’t forget your mic, DK… 🤣🎙️ pic.twitter.com/2XeI4NyhJP
— Sky Sports Cricket (@SkyCricket) July 26, 2025