ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
කොළඹ අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 219 ක් රැස් කළ අතර, එංගලන්තය පන්දුවාර 46.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.
තරගයෙන් අනතුරුව අදහස් දැක් වූ එංගලන්ත නායක හැරී බෘෘක් සදහන් කළේ මෙය තමන් මෙතෙක් ක්‍රීඩා කළ නරකම තණතීරුව වන්නට ඇති බවයි.
— cric sl (@cricslvideo) January 24, 2026