Watch : මංගල ටෙස්ට් ඉනිමේදීම සොනාල් දවා ගත් කඩුලු 3

සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීම කඩුලු 3 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ සමත් වුණා.

බංග්ලාදේශය සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැතිවෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද වන අතර, අද දිනයේ දී බංග්ලාදේශ පළමු ඉනිම ලකුණූ 247 කට සීමා වුණා.

එහිදී අසිත ප්‍රනාන්දු හා සොනාල් දිනූෂ කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක් දවා ගත්තා.

සොනාල් පන්දුවාර 9.3 ක් යොමු කරමින් ලකුණු 22 ක් ලබා දෙමිනුයි කඩුලු 3 දවා ගත්තේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment