2025 නැගී එන ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට ඊයේ (19) රාත්‍රියේ හැකි වුණා.
ඒ, බංග්ලාදේශ A කණ්ඩායම සමග පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු හයක ජයක් ලැබීමත් සමගයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා. සහන් ආරච්චිගේ ලකුණූ 69 ක් රැස් කළේ පන්දු 49 කින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි. (අවසන් පන්දුවාරයේ දර්ශන පහතින්)
ඒ අනුව කටාර්හීදී පැවැත්වෙන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව, හෙට පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.