සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙදී ආරම්භ වුනා.
තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නයක චරිත් අසලංකගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය පිටියට පිවිසියත් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ලැබුනේ නැහෑ.
පර්විස් හොසේන් එමෝන්ව දවාගැනීමට නුවන් තුෂාර යොමු කල සුපිරි පන්දුවකට ඉඩ ලැබුන අතර, ටන්සිඩ් හසන් තමීම්ව දවාගැනීමට බිනුර ප්‍රනාන්දු සමත්වුනා. ටන්සිඩ් දැවී ගියේ කුසල් ජනිත් පෙරාරා රැකගත් විශිෂ්ට උඩ පන්දු රැකගැනීමත් සමගයි.
— cric sl (@cricslvideo) July 13, 2025