Watch : පිතිකරුට අදහාගත නොහැකි වූ සජිඩ් ඛාන්ගේ සුපිරි දග පන්දුව

පාකිස්තාන – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(17).

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 239 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 291 කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා. ඒ, පාකිස්තානය පළමු ඉනිමට රැස් කළ ලකුණු 366ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව එංගලන්ත පළමු ඉනිම අවසන් වන විට ඔවුන් පිටුපසින් පසු වූ ලකුණු සංඛ්‍යාව 75 ක්.

පන්දු යැවීමේ දී පාකිස්තානය වෙනුවෙන් සජිඩ් ඛාන් ලකුණු 111 කට කඩුලු 7ක් දවා ගැනීම කැපී පෙනුණා.

Comments (0)
Add Comment