Watch : පැතුම් දවා ගන්න කඩුලු රකින්නා හතරේ සීමාව ආසන්නයේ රැක ගත් සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද(2) පෙරවරු 6:15 ට නෙල්සන්හීදී ආරම්භ වුණා.

වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් නියමිත කාලයට වඩා මිනිත්තු 30ක ප්‍රමාදයකින් පසුවයි තරගය ආරම්භ කෙරුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 14(12) ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, මැට් හෙන්රි යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මිච් හේ හතරේ සීමාව ආසන්නයටම ගොස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන්.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment