ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි BGT ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(17).
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටි අතර, ඉනිමේ 6 වැනි කඩුල්ල දවා ගැනීම සදහා ස්ටීවන් ස්මිත් විසින් සුපිරි උඩ පන්දුවක් ලබා ගත්තා.
නේදන් ලයන් යොමු කළ පන්දුවක් හමුවේ රාහුල් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 84 ක්. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඔහු ලකුණු 33 ක් ලබා සිටියදී අද දිනයේ යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දුන් නමුත්, ස්මිත් අතින් එම පහසු උඩ පන්දුව ගිලිහි ගියා.
එවන් පසුබිමකයි ස්මිත් විසින් පළමු ස්ලිප් කලාපයේ රැදී සිටිමින් තනි අතින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින් රාහුල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.
ගිලිහී ගිය උඩ පන්දුව හා රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවේ දර්ශන පහතින් –
First ball of the day and dropped!#AUSvIND pic.twitter.com/lY8cdsN5Wo
— cricket.com.au (@cricketcomau) December 16, 2024
WHAT A CATCH FROM STEVE SMITH!
Sweet redemption after dropping KL Rahul on the first ball of the day.#AUSvIND | #PlayOfTheDay | @nrmainsurance pic.twitter.com/d7hHxvAsMd
— cricket.com.au (@cricketcomau) December 17, 2024