බංග්ලාදේශය හා අයර්ලන්තය අතර ඩකාහීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයට භූ කම්පනයකින් බලපෑම් එල්ල වුණා.
රිච්ටර් පරිමාණ ඒකක 5.5 ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රිය ඩකා නුවර සිට නැගෙනහිර දෙසින් කිලෝ මීටර් 40 ක් දුරකින් පිහිටි Madhabdi නගරය ආශ්‍රිතව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
භූ කම්පනය හේතුවෙන් තරගය මිනිත්තු තුනක පමණ කාලයක් අත්හිටුවීමට සිදු වුණා.
බංග්ලාදේශයේ වේලාවෙන් 10.38 ට පමණ සිදු වූ මෙම කම්පනය නිසා කණ්ඩායම් දෙකේම විවේකාගාර හිස් වූ බවක් දක්නට ලැබුණා.
ප්‍රේක්ෂකයින් ද කඩිනමින් ප්‍රේක්ෂාකාගාරවලින් ඉවත් වූ අතර, මහල් පහකින් යුත් මාධ්‍ය කුටිය පිහිටි ගොඩනැගිල්ලේ සිටි පිරිස් ද ඉක්මණින් ඉන් ඉවත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම කම්පනයේ ප්‍රබලත්වය ඉන්දියාවේ කොල්කටා නුවරට ද දැනී තිබෙනවා.
Earthquake in Bangladesh and the moment is captured on camera during test match.
May Allah keep everyone safe and protected. 🤲pic.twitter.com/YB83PmqhSY— Inzimam (@I_Engr56) November 21, 2025