Watch : නොවැක් ජොකොවික් මවිත කර වූ ස්ටීවන් ස්මිත්ගේ ටෙනිස් පහර

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් හා සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් අතර හමුවක් සිදුව තිබෙනවා.

ජොකොවික් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ රැදී සිටින්නේ වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙනුයි.

මෙම හමුවේ දී ස්මිත් හා ජෙකොවික් ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ටෙනිස් ක්‍රීඩාවේ ද නිරත වීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

මේ වන විට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන්නේ සර්බියාවේ නොවැක් ජොකොවික්. ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ටීවන් ස්මිත් රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

ස්මිත් හා ජොකොවික් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අයුරු හා ටෙනිස් ක්‍රීඩාවේ නිරත වූ අයුරු පහතින් නරඹන්න –

Comments (0)
Add Comment