Watch : නැගී එන ආසියානු ශූරතාවය සුපිරි පන්දුවාරයේදී පාකිස්තානයට හිමි වූ හැටි

කටාර්හීදී පැවැති නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී බංග්ලාදේශ ඒ කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී පරාජයට පත් කරමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 125 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය ද රැස් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 125 ක් පමණයි.

අනතුරුව සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයේ කඩුලු දෙකම ලකුණු හයකට බිද වැටුණා.

පාකිස්තානය තරගය ජය ගත්තේ පන්දු 4 ක් පමණක් වැය කරමින්.

තියුණු මුහුණුවරක් ගත් අවසන් මොහොතේ දර්ශන පහතින් නරඹන්න –

top
Comments (0)
Add Comment