Watch : ධනංජය දවා ගන්න පිලිප්ස් යොමු කළ සුපිරි දග පන්දුව

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ල ක්‍රීඩාංගනයේ දී අද(18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ කඩුල්ල දවා ගැනීමට ග්ලේන් පිලිප්ස් සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 11 ක් පමණයි.

ග්ලේන් පිලිප්ස් මෙම ඉනිමේ දී යොමු කළ සිය දෙවැනි පන්දුවේ දී ධනංජය එලෙස දැවී ගියේ තියුණු දග කැවීමක් සහිත පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment