Watch : දැවැන්ත හයේ පහරකින් චමරි ශතකය වාර්තා කළ හැටි

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද සිය තෙවැනි පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මෙවර කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හත් වෙනි තරඟයේදී මැලේසියාවට එරෙහිවයි.

මෙය පන්දුවාර විස්සයි 20 කාන්තා ආසියානු කුසලාන තරගාවලියකදී පිතිකාරිණියක් වාර්තා කළ පළමු ශතකය වීමද විශේෂත්වයක්.

චමරි සිය ශතකය දැවැන්ත හයේ පහරකින් සම්පූර්ණ කිරීම ද කැපී පෙනුණා.

ඇය පන්දු 69කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 119 ක්. හයේ පහර 7ක් සහ හතරේ පහර 14 ක් චමරිගේ ඉනිමට ඇතුළත්.

Comments (0)
Add Comment