Watch : තෙවන විනිසුරුගේ තීන්දුවත් පැට් කමින්ස් Review කරන්න හදපු හැටි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බර්න්හි පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද(29) දිනයේදී තෙවන විනිසුරු ලබා දුන් තීන්දුවක් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යටතේ නැවත අභියෝගයට ලක් කිරීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් උත්සාහ දැරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඉන්දීය දෙවැනි ඉනිමේදී මොහමඩ් සිරාජ් දෙවන ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත් අතට ලබා දුන් උඩ පන්දුවක් සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙනුයි කමින්ස් එම උත්සාහය දරනු ලැබුවේ.

එය උඩ පන්දුවක් ලෙස පිත්තේ වැදී පන්දු රකින්නා වෙත ඇදී ගියේද? නැතහොත් පන්දුව පිත්තේ වැදී එක් වරක් තණතීරුවේ වැදීමෙන් අනතුරුව පන්දු රකින්නා වෙත ඇදී ගියේද ? යන්න සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති වුණා.

පිටියේ විනිසුරුවන් විසින් ඊට අදාළ තීන්දුව ලබා දීම තෙවන විනිසුරුට භාර දුන් අතර, ඔහු තීරණය කළේ එය නොදැවුණු අවස්ථාවක් ලෙසටයි.

කෙසේ වෙතත්, එම තීරණයෙන් සෑහීමකට පත් නොවුණු ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් තමන්ට එම තීන්දුව යළි විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කිරීමට අවශ්‍ය බව සදහන් කළා.

කෙසේ වෙතත්, එය නැවත තෙවන විනිසුරුට යොමු කිරීමක් සිදු නොවූ අතර, අදාළ අවස්ථාව නොදැවුණු අවස්ථාවක් ලෙසයි තීරණය කෙරුණේ.

දර්ශන පහතින් –

top
Comments (0)
Add Comment