Watch : තීක්ෂණගේ සුපිරි පන්දුවක් හමුවේ මුම්බායි ප්‍රහාරාත්මක පිතිකරු දැවී ගිය හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් මුම්බායි ඉන්දියන්ස් ආරම්භක පිතිකරු රයන් රිකල්ටන්ගේ කඩුල්ල දවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් රිකල්ටන් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව පන්දු 38 කින් ලකුණු 61 ක්.

රිකල්ටන් හා රෝහිත් ෂර්මා අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 11.5 ක් තුළ ලකුණු 116 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු පසුබිමකයි තීක්ෂණ විසින් මුම්බායි ඉනිමේ පළමු කඩුල්ල මෙලෙස බිද හෙලීමට සමත් වුණේ.

දර්ශන පහතින් –

top
Comments (0)
Add Comment