ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ පිතිකරු නජ්මුල් හොසේන් ශන්තෝගේ දුවද්දී දැවී යාම තරගයේ තීරණාත්මක සංධිස්ථානයක් බවට පත් වුණා.
බංග්ලාදේශය කඩුල්ලක් දැවී ලකුණු 100 ක් ලබා ස්ථාවර මට්ටමක පසුවන අවස්ථාවකයි ශන්තෝ එලෙස ලකුණු 23 කට දැවී ගියේ.
අනතුරුව බංග්ලාදේශ ඉනිම බිද වැටුණු අතර, ඔවුන්ගේ ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 5 ක් තුළ බිද වැටුණා.
දෙවන ලකුණක් කරා පැති මාරු කර ගැනීමට යාමේදී ශන්තෝ දුවද්දී දැවී යන විට අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටියේ ටන්සිඩ් හසාන්.
ඔවුන් දෙදෙනා එම දැවී යාමට පෙර ද එක් අවස්ථාවක ලකුණු දෙකක් වෙනුවෙන් පැති මාරු කර ගැනීමට උත්සාහ දැරූ නමුත්, එම අවස්ථාවේදී ටන්සිඩ් හසාන් එය ප්‍රතික්ෂේප කළා. නමුත් එහිදී ශන්තෝ විසින් ඊට දැඩි විරෝධයක් පල කරන ආකාරයක් දැක ගත හැකි වුණා.