Watch: තරගයම උඩු යටිකුරු කළ වනිදුගේ කඩුලු 4 මෙන්න

පාකිස්තානය  සමග පැවැති තෙවැනි T 20I තරගයේදී අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට වනිදු හසරංගට හැකි වුණා.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12 කට සීමා කෙරුණු අතර, පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට ලබා ගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 14 ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 35 ක් ලබා දෙමින්.

තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස ද ඔහු සම්මානයෙන් පිදුම් ලැබුවා.

top
Comments (0)
Add Comment