Watch : ජඩේජා දවා ගන්න විලියම්සන් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේදී අනර්ඝ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් අද(2) සමත් වුණා.

ඉන්දීය පිතිකරු රවීන්ද්‍ර ජඩේජා ලකුණු 16 කට දවා ගැනීම සදහායි ඔහු backward point කලාපයේ සිට මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ඩුබායිහීදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර, ඉන්දීය ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස ජඩේජා දැවී ගියා.

ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 223 ක් ලෙසයි.

දර්ශන කිහිපයක් පහතින් –

Comments (0)
Add Comment