Watch : චමරි අතපත්තුගේ සුපිරි Direct Hit එක මෙන්න

2024 කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය අද(20) සිඩ්නිහීදී නිමා වුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට කඩුලු 4 ක ජයක් හිමි කර දෙමින්. මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 108 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තන්ඩර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 19.4 ක් අවසානයේදීයි.

මෙල්බර්න් ස්ටාර්ස් ඉනිමේ දී තන්ඩර් පිල වෙනුවෙන් පන්දුවාර 4 ක් යොමු කළ චමරි අතපත්තු එහිදී ලකුණු 12 කට කඩුලු 2 ක් දවා ගත්තා.

කෙසේ වෙතත්, පිතිකරණයේදී ඇයට ලබා ගත හැකි වූයේ පන්දු 8 කින් එක් ලකුණක් පමණයි.

මේ අතර, මෙම තරගයේ දී Tess Flintoff ලකුණු 3 කට දුවද්දී දවා ගැනීමට චමරි අතපත්තු සමත් වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

Comments (0)
Add Comment