පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Quetta Gladiators කණ්ඩායම සමත් වුණා.
ඒ, අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගයෙන් Islamabad United කණ්ඩායම පරදා ලකුණු 30 ක ජයක් වාර්තා කරමින්.
ලාහෝර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනේෂ් චන්දිමාල් අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පන්දු 28 කින් නොදැවී ලකුණු 48 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්.
අංක 5 පිතිකරු වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 21 කින් ලකුණු 32 ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර දෙකක් සමගින්. ෆහීම් අෂ්රෆ් පන්දු 23 කින් නොදැවී ලකුණු 45 ක් ලබා ගැනීමට ද සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.
පන්දු යැවීමේදී Ben Dwarshuis හා Salman Irshad කඩුලු 2 බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුනයිටඩ් කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි.
Sahibzada Farhan ලකුණු 52(35) ක්, Salman Agha ලකුණු 44(26) ක් හා Rassie van der Dussen ලකුණු 35(23) ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Usman Tariq ලකුණු 32 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, Mohammad Amir, Faheem Ashraf හා Mohammad Wasim කඩුලු 2 බැගින් දවා ගත්තා.
චන්දිමාල්ගේ හා අවිශ්කගේ ඉනිම්වලට අදාළ දර්ශන කිහිපයක් පහතින් –
Straight into the Lahore sky! ✨
Chandimal with a 6 that had elegance written all over it. 🎬 #HBLPSLX | #ApnaXHai | #QGvIU pic.twitter.com/9wYSCRp37d— PakistanSuperLeague (@thePSLt20) May 21, 2025
That is a LOVELY shot by Avishka 👌 #HBLPSLX | #ApnaXHai | #QGvIU pic.twitter.com/E9jV2oVcHd
— PakistanSuperLeague (@thePSLt20) May 21, 2025
Avishka delivers! Picture-perfect cut through point. 📸🔥 #HBLPSLX | #ApnaXHai | #QGvIU pic.twitter.com/DPF12UqKaZ
— PakistanSuperLeague (@thePSLt20) May 21, 2025