Watch : කෝලි දවා ගන්න පිලිප්ස් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් අද(2) සමත් වුණා.

ඉන්දීය පිතිකරු විරාත් කෝලි ලකුණු 11 කට දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ඩුබායිහීදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර, ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස කෝලි දැවී ගියා.

ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 30 ක් ලෙසයි.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment