ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T20 League තරගාවලියේ 4 වැනි තරගයේදී පන්දුවක් අතේ වැදීම හේතුවෙන් කුසල් පෙරේරා ආබාධයකට ලක් වුණා.
Blues කණ්ඩායම හා Greens කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන අතර, දෙවනුව පන්දුවට පහර දෙමින් සිටි Blues ඉනිම අතරතුරයි කුසල් පෙරේරා ආබාධයට ලක් වුණේ.
ප්‍රමෝද් මදුෂාන් යොමු කළ තණතීරුවේ පතිත නොවී ආ පන්දුවක් පිතිකරණයේ නිරතව සිටි කුසල්ගේ අතේ වැදී මෙම ආබාධය සිදු වුණා.
අනතුරුව ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කෙරුණා.
පිටියෙන් ඉවත් වන විට කුසල් පන්දු හයකින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6ක්.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) August 11, 2025