Watch : කිසිදු ලකුණක් පිතිකරුවන්ට නොදී කඩුලු දෙකක් දවා ගත් මතීෂගේ සුපිරි පන්දුවාරය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දුවාරයක් යොමු කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(28) සමත් වුණා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිව චෙන්නායිහීදී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායමේ 19 වැනි පන්දුවාරයයි ඔහු විසින් එලෙස විශිෂ්ඨ අන්දමින් යොමු කරනු ලැබුවේ.

මතීෂගේ සිව්වැනි පන්දුවාරය වූ එම පන්දුවාරයේ දී පිතිකරුවන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි වූ අතර, එක් වයිඩ් ලකුණක් පමණක් බැංගලූරු කණ්ඩායමට එම පන්දුවාරයේදී හිමි වුණා.

එමෙන්ම මතීෂ විසින් එම පන්දුවාරයේදී නායක රාජත් පටිදර්ගේ (ලකුණු 51) හා කෘනාල් පාන්ඩ්යාගේ (ලකුණු 0) කඩුලු ද දවා ගත්තා.

මතීෂ සිය පන්දුවාර 4 යවා අවසන් කළේ ලකුණු 36 කට කඩුලු දෙකක් දවා ගනිමින්.

top
Comments (0)
Add Comment