බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම හා පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද(3) පස්වරුවේ ආරම්භ වූ තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී තන්ඩර් කණ්ඩායමේ කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් හා ඩැනියල් සෑම්ස් එකිනෙකා ගැටීම හේතුවෙන් අනතුරකට මුහුණ දුන්නා.
පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ස්කෝචර්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 177 ක් ලබා ගත්තා.
ලොකී ෆර්ගසන් යොමු කළ 16 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීයි එම ක්‍රීඩකයින් දෙදෙනා මෙම අනතුරට මුහුණ දුන්නේ.
Cooper Connolly එල්ල කළ පහරකින් පසුව උඩ පන්දුව රැක ගැනීමට යාමේදී බ්‍රැන්ක්‍රොෆ්ට් හා ඩැනියල් සෑම්ස් මෙලෙස එකිනෙකා ගැටීම සිදු වුණා. ඔවුන් දෙදෙනාම උඩ පන්දුව රැක ගැනීම වෙනුවෙන් පන්දුව දෙස බලමින් එකිනෙකා දෙසට දිව ගිය අතර, එහිදී දෙදෙනාගෙන් කිසිවෙකුත් අනෙක් ක්‍රීඩකයාව දුටු බවක් දක්නට ලැබුණේ නැහැ.
ඒ අනුව ඔවුන් දෙදෙනා එකිනෙකා ගැටීමක් සිදු වුණා. එහිදී දෙදෙනාගේම මුහුණුවලට තුවාල සිදු වූ ආකාරයක් දැක ගත හැකි වූ අතර, මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔවුන් දෙදෙනා රෝහල්ගත කිරීමටයි පියවර ගැණුනේ.
Update. pic.twitter.com/in74wgISSO
— Sydney Thunder (@ThunderBBL) January 3, 2025
ඔවුන් දෙදෙනා කම්පන තත්ත්වයකින් ද පසුවීම පදනම් කර ගනිමින් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමග පැවැත්වෙමින් තිබූ තරගයෙන් ඉවත් කර, ඒ වෙනුවට Oliver Davies හා Hugh Weibgen කණ්ඩායමට ආදේශ කෙරුණා.
අනතුර සිදු වූ අයුරු ඇතුළත් දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –
Horrible collision between Daniel sams and Cameron Bancroft 😱😱
Daniel sam was taken out with stretcher Hope he is fine 🤲pic.twitter.com/YrsvJFcev4
— Athul M Nair (@athulmnair1) January 3, 2025
Horrific collision between daniel sams and Chris green during bbl . Hope it’s not serious #AUSvIND #BBL #DanielSams #cameronbancroftpic.twitter.com/sgiGF0DlOF
— Yogesh Chauhan (@Yogi66193) January 3, 2025