Watch : ක්‍රීඩාගාරයේ වහලයකට හානි සිදු කරමින් ශමාර් ජෝසප්ගෙන් හයේ පහරක්

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(20).

නොටින්හැම් හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 5 ක් දැවී ලකුණු 351 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 457 ක්.

කවෙම් හොඩ්ජ් ලකුණු 120 ක් රැස් කළ අතර, Alick Athanaze ලකුණු 82 කට දැවී ගියා. ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 4 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන් හා ශොයිබ් බෂීර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අද දිනයේ දී කොදෙව් අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි ශමාර් ජෝසප් ලකුණු 33 ක් රැස් කිරීම ද කැපී පෙනුණා. ඔහු හා ජොෂුවා අතර 10 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 71 (78) ක්.

ශමාර් ජෝසප් විසින් එල්ල කළ දැවැන්ත හයේ පහරක් හේතුවෙන් ක්‍රීඩාගාරයේ වහලයකට හානි සිදු වන ආකාරය ද දැක ගත හැකි වුණා. (දර්ශන කිහිපයක් පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416 ක්. ඒ අනුව කොදෙව්වන් පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 41 ක්.

Comments (0)
Add Comment