එංගලන්තය හා පාකිස්තානය අතර මුල්තාන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(16) දිනයේ දී එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි දුවද්දී දවා ගැනීම සදහා ලද පහසු අවස්ථාවක් පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක සජිඩ් ඛාන් අතින් ගිලිහී ගියා.
ඒ, පන්දුව තම අතට පැමිණීමටත් පෙරම ඔහුගේ අත්වල වැදී කඩුල්ලේ බෙල්ස් ඉවත් වීම හේතුවෙන්. (දර්ශන පහතින්)
ඒ වන විට ක්‍රව්ලි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 20 ක්. කෙසේ වෙතත්, ඔහු ලකුණු 27 ක් ලබා සිටියදී පසුව දැවී ගියා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 366 ක්.
— cric sl (@cricslvideo) October 16, 2024