Watch : ඔස්ට්‍රේලියාවේ Hastings යොමු කළ පන්දු 18 කින් යුත් අසම්පූර්ණ ඕවරේ මෙන්න

World Championship of Legends තරගාවලිය යටතේ Australia Champions කණ්ඩායම හා Pakistan Champions කණ්ඩායම අතර පැවැති තරගයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක John Hastings විසින් පන්දු 18 කින් යුත් අසම්පූර්ණ පන්දුවාරයක් (නීත්‍යානුකූල පන්දු 5 ක් පමණක්) යොමු කිරීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

Leicester හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 11.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 74 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 7.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පාකිස්තාන ඉනිමේ යොමු කෙරුණු 8 වැනි හා අවසන් පන්දුවාරය John Hastings විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේදී ඔහු විසින් වයිඩ් පන්දු 12 ක් හා එක් නිපන්දුවක් යොමු කිරීම කැපී පෙනුණා.

ඒ අනුව 39 හැවිරිදි ඔහු එම පන්දුවාරයේදී නීත්‍යානුකූල නොවන පන්දු 13 ක් හා නීත්‍යානුකූල පන්දු 5 ක් පමණක් යොමු කළ අතර, ඒ අතරතුර පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

එම පන්දුවාරයේ පළමු පන්දු පහම වයිඩ් පන්දු වීම ද කැපී පෙනුණා.

දර්ශන පහතින් නරඹන්න –

Comments (0)
Add Comment