Watch : එම් අයි එමිරේට්ස් පිලට එරෙහිව ලහිරු කුමාර බිද හෙලූ කඩුලු 2

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගයේ 11 වැනි තරගයෙන් අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට එම් අයි එමිරේට්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 65 ක් පන්දු 40 කින් වාර්තා කළ අතර, චරිත් අසලංක ලකුණු 23 කට දැවී ගියා. සුනිල් නරේන් නොදැවී ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි හා සහූර් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමිරේට්ස් පිල ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 53 ක් ලබා ගත්තා. නජිබුල්ලාහ් සඩ්රාන් නොදැවී ලකුණු 35 ක් ද, කයිරන් පොලාඩ් ලකුණු 31 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 34 කට කඩුලු 2 ක් බිද හෙලුවා.(දර්ශන පහතින්)

තරගය ජය ගැනීමට ඉනිමේ අවසන් පන්දුවාරයට ලකුණු 20ක් ලබා ගත යුතුව තිබූ අතර, අන්ඩ්‍රි රසල් යොමු කළ අවසන් පන්දුවාරයේ දී ඩ්වේයන් බ්‍රාවෝ හා නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 25 ක් වාර්තා කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දුන්නා.