මේ දිනවල එංගලන්තයේ ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු බිද හෙලූ සුපිරි කඩුල්ලක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම සහ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම අතර තරගයේදීයි ඔහු මෙම සුපිරි කඩුල්ල බිද හෙලා ඇත්තේ.
තරගය සිව්ව්න දිනයට අද (1) ආරම්භ වූ අතර, දෙවන ඉනිමේ පිතිකරණයේ නිරත වෙමින් සිටි ලැන්කෂයර් පිතිකරු ටොම් බෙයිලිට, අසිත විසින් දෝලනයක් සහිතව යොමු කළ සුපිරි යෝකර් පන්දුවට කිසිදු පිළිතුරක් තිබුණේ නැහැ.
මෙය අසිත එම ඉනිමේ දවා ගත් දෙවන කඩුල්ලයි. පළමු ඉනිමේදී ද ඔහු කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා.
— cric sl (@cricslvideo) August 1, 2025