Watch : ඉන්දියාව 93 කට දවා ගනිමින් දකුණු අප්‍රිකාව සුපිරි ජයක් ලැබූ හැටි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 30ක අමිහිරි පරාජයක් අත්විදීමට ඉන්දියාවට අද සිදු වුණා.

කොල්කටාහි පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේදී ජයග්‍රහනය සදහා සිව්වැනි ඉනිමේදී ලකුණු 124 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 93 ක් පමණයි.

වොෂින්ටන් සුන්දර් ලකුණු 31 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී සයිමන් හාමර් කඩුලු 4 ක් දවා ගත්තා.

ආබාධයකට ලක් වීම හේතුවෙන් ෂුබ්මන් ගිල් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර නොදීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට තරගය ජය ගැනීම සදහා දවා ගැනීමට අවශ්‍ය වූයේ කඩුලු 9 ක් පමණයි.

top
Comments (0)
Add Comment