අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේදී තනි අතින් සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට මර්නස් ලබුෂේන්ට හැකි වුණා.
ලකුණු 435 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්ත දෙවැනි ඉනිමේදී ඔලී පෝප් ලකුණු 17කට දවා ගැනීම සඳහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.
ස්ලිප් කලාපයේ සිට ඔහු මෙම උඩ පන්දුව රැක ගත්තා.
ඇඩිලේඩ් හීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලකුණු 371 ක් රැස් කළ අතර, එංගලන්තය ලබා ගත්තේ ලකුණු 286 ක් පමණයි.
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 349 කට අද සීමා වුණා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 170 යි.
— cric sl (@cricslvideo) December 20, 2025