සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(5) Gqeberha හීදී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
දකුණු අප්‍රිකා ඉනිමේ දෙවැනි පන්දුවාරය අසිත ප්‍රනාන්දු විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ආරම්භක පිතිකරු ටෝනි ද සෝර්සි දවා ගැනීමට අසිත සමත් වුණා.
සෝර්සි තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම එලෙස දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) December 5, 2024