Watch : අසිතගේ පන්දු හමුවේ ඔස්ට්‍රේලියානු මුල් පෙල කඩුලු 3ක් බිද වැටුණු හැටි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු තුනම දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද(14) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තා.

පිළිතුරු ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 33 ක් තුළ බිද වැටුණා.

එහිදී මැතිව් ශෝර්ට් ලකුණු දෙකකටත්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් ලකුණු 9කටත්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 18 කටත් දැවී ගියා.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment