Watch : අන්ඩ්‍රි රසල්ගේ අවසන් ඉනිම මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අන්ඩ්‍රි රසල් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි විස්සයි 20 තරගය සිය අවසන් ජාත්‍යන්තර තරගය බවට ඔහු මීට පෙර නිවේදනය කර තිබුණා.

ඒ අනුව මෙරට වේලාවෙන් අද අලුයම එම තරගය පැවැති අතර, තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක ජයක් හිමි කර ගත්තා.

ජැමයිකාවේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් ලකුණු 172/8 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානුවන් කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15.2 ක් අවසානයේදීයි. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 78(33)යි.

මෙම තරගයේදී අන්ඩ්‍රි රසල් ලකුණු 36 ක් ලබා ගත්තේ පන්දු 15 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

top
Comments (0)
Add Comment