2024 ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි දිනයේ දී බ්‍රිතාන්‍යයේ ඩැනියල් එවන්ස් හා රුසියාවේ කරෙන් ක්හචානෝෆ් අතර පැවැති තරගය නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ, ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලි ඉතිහාසයේ පැවැති දීර්ඝතම (කාලය) තරගය ලෙසයි.
මෙම තරගය පැය පහයි මිනිත්තු 35 ක කාලයක් පැවැති අතර, තරගයෙන් 34 හැවිරිදි ඩැනියල් එවන්ස් ලකුණු 6-7 ක්, 7-6 ක්, 7-6 ක්, 4-6 ක් හා 6-4 ක් ලෙස ජය ගත්තා.
මේ අතර, 2021 වසරේ ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගත් බ්‍රිතාන්‍යයේ එමා රදුකානුට මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.
ඒ, ඇමෙරිකා එක්සත් ජනපදයේ සොෆියා කෙනින් හමුවේ 6-1, 3-6, 6-4 ක් ලෙස පරාජයට පත් වීමත් සමගයි.