ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා.
ඒ අනුව ඔවුන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 5 ක් සිදු කර තිබෙනවා. ඒ අනුව චමිදු වික්‍රමසිංහ අද තරගයේ දී එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
ඔහුට අමතරව නිශාන් මදුෂ්ක, නුවනිදු ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක හා මොහමඩ් ශිරාස් ද කණ්ඩායමට කැදවා තිබෙනවා. කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින්.
නවසීලන්තය ද අද තරගය සදහා වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව Zakary Foulkes මෙම තරගයේ දී එක්දින වරම් දිනා ගන්නා අතර, ඇඩම් මිල්න් ද කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ, නේදන් ස්මිත් හා ජේකබ් ඩෆී වෙනුවටයි.
Sri Lanka XI :
Nishan Madushka, Avishka Fernando, Nuwanidu Fernando, Sadeera Samarawickrama(w), Charith Asalanka(c), Janith Liyanage, Chamindu Wickramasinghe, Maheesh Theekshana, Jeffrey Vandersay, Dilshan Madushanka, Mohamed Shiraz
New Zealand XI:
Will Young, Tim Robinson, Henry Nicholls, Mark Chapman, Glenn Phillips, Mitch Hay(w), Michael Bracewell, Mitchell Santner(c), Ish Sodhi, Zakary Foulkes, Adam Milne