T20I පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි

නවතම අයි.සී.සී පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි දිනා ගැනීමට එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක අඩිල් රෂීඩ් සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලියේදී ඔහු මෙතෙක් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඔහු පළමු වරට විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පත් වූයේ 2023 වසර අවසානයේදීයි.

මෙතෙක් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ පසු වූ කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක අකීල් හොසෙයින් මේ වන විට දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. වනිදු හසරංග තෙවැනි ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

ඉන්දියාවේ වරුන් චක්‍රවර්තී 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 25 කින්. එංගලන්තයේ ජොෆ්ර ආචර් ස්ථාන 13 කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට රැදී සිටින්නේ 6 වැනි ස්ථානයේයි.

මහීෂ් තීක්ෂණ 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

Comments (0)
Add Comment