2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ඇමෙරිකා එක්සත් ජනපද සංචිතය නිවේදනය කර තිබෙනවා.
Monank Patel ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකු සහිත සංචිතයට හිටපු නවසීලන්ත ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් ද ඇතුළත්.
ඇන්ඩර්සන් මීට පෙර 2015 එක්දින ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2014 හා 2016 වසරවලදී පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියන්හී දී නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර තිබුණා.
2022 වසරේ ජූලි මාසයේ දී අවසන් වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇති Ali Khan ද සංචිතයට නම් කර තිබෙනවා.
CPL, PSL හා ILT20 වැනි ලීග් තරගාවලි ක්‍රීඩා කර ඇති ඔහු ජාත්‍යන්තර විස්සයි 20 තරග හයක් හා එක්දින ජාත්‍යන්තර තරග 15 ක් ක්‍රීඩා කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය ජූනි පළමු වැනිදා ඇමෙරිකාව හා කැනඩාව අතර Dallas හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
USA squad for T20 World Cup 2024
Monank Patel (c), Aaron Jones (vc), Andries Gous, Corey Anderson, Ali Khan, Harmeet Singh, Jessy Singh, Milind Kumar, Nisarg Patel, Nitish Kumar, Noshtush Kenjige, Saurabh Netravalkar, Shadley Van Schalkwyk, Steven Taylor, Shayan Jahangir